එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත් කිරීම ලබන මස මුලදී ඇරඹෙයි

ඔක් 08, 2021

    ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනතුරට ලක්ව මුහුදුබත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත් කිරීම ලබන මස මුලදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධීකාරිය කොන්දේසී සහ නියමයන්ට යටත්ව එම කටයුතු සිදුකරනු ඇත. නෞකාව අනතුරට ලක්වීමෙන් සිදුවු පරිසර හානිය පිළිබඳ අවසන් වාර්තාව ලබන මස 30 වැනිදාට පෙර ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය කියයි. පරිසර හානිය පිළිබඳව දිර්ගකාලීනව විමර්ශන ක්‍රියාවලියක නිරතවීමට සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය අපේක්ෂා කරයි.

    සිදුවු පරිසර හානිය ගණනය කිරීමේදී දැනට සිදුවී ඇති පරිසර හානිය මෙන්ම සිදුවු මෙම හානිකර තත්වය නැවත ප්‍රතිෂ්ඨාපනය සදහා යන වියදම් ද ඇතුළත් කර එම ගණනය සිදුකරන්නැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා එම අධිකාරියට උපදෙස් දී තිබේ. සමුද්‍රීය ආරක්‍ෂණ කලමනාකරණ ආයතනයක් අලුතින් ගොඩනැංවීම අගමැතිවරයා දී ඇති තවත් උපදෙසකි. පරිසර හානිය ගණනය කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර මහත්මිය කියයි.

    Latest News