එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව මිලියන 12 ඉක්මවයි...(වීඩියෝ)

ඔක් 07, 2021
  • කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 12 ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස එක්කෝටි 20 ලක්‍ෂ 43,368 දෙනෙක්. කොවිඩ් ප්‍රතිශක්ති කරන වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා දෙකෝටි 66 ලක්‍ෂ 83,047ක් ලබාදී තිබේ. පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව එක්කෝටි 46 ලක්‍ෂ 39,679ක්. එක්කෝටි 20 ලක්‍ෂ 43,368 දෙනෙකුට මාත්‍රා දෙකම ලබාදී තිබේ. ඊයේ ලබාදී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 99,584ක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 ඔක්තෝබර් 2021 20:38

    Latest News