ඉන්දීය විදේශ ලේකම් දිවයිනට

ඔක් 03, 2021

    ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා සිව්දින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රී මෙරටට පැමිණියේය.

    විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මාහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනාවකට අනූවයි, ඔහු මෙරටට පැමිණයේ.

    හර්ෂ් ශ්‍රින්ග්ලා මහතා ලබන 5 වැනිදා දක්වා මෙරට රැඳී සිටින අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ජා පැවැත්වීමට නියමිතයි.

    දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම සංචාරයේ අරමුණයි. ඔහු මෙරට ප්‍රදේශ කිහිපයක ද සංචාරය කිරීමට නියමිත බව, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි. දිවයිනට පැමිණ ඉන්දීය විදේශ ලේකම්වරයා පිළිගැනීමට මෙරට සහ එරට නිලධාරීන් කිහිප දෙනෙකු කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට පැමිණ සිටියේය.

    ඉන්දීය විදේශ සේවයේ වසර 37ක අත්දැකීම් ඇති හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා, අමෙරිකා එක්සත් ජනපදයේ, බංගලාදේශයේ සහ තායිලන්තයේ, ඉන්දීය තානාපතිවරයා හා මහකොමසාරිස් ලෙස ද සේවයේ නිරත විය..

    Last modified on ඉරිදා, 03 ඔක්තෝබර් 2021 12:29

    Latest News