මෙරටට පැමිණෙන දෙස් - විදෙස් ගුවන් මගීන්ට නව මාර්ගෝපදේශ

සැප් 28, 2021

    මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මඟින් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

    ඒ අනුව, ඕනෑම ගුවන් මගියෙකු පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ඉක්ම ගොස් ඇත්නම් සහ ඔහු පැමිණෙන රටේ පැය 72කට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙක් නොවන්නේ නම් මෙරට දී යළි පීසීආර් පරීක්ෂණයකට භාජනය වීම අවශ්‍ය නොවෙයි.

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ, මෙම ක්‍රමවේදය කටුනායක හා මත්තල යන ගුවන්තොටුපොළ දෙක සඳහාම ඊයේ (28) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බවයි.

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    ඒ අනුව, පූර්ණ එන්නත්කරණය නොවූ විදේශීකයින්ට, විදෙස් සංචාරකයින්ට ජෛව බුබුලක් ලෙස සිය හෝටලය වෙත යෑමට අවස්ථාව ලබාදෙන බවත් එහිදී පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කර ඇත.

    එහෙත් ලාංකීකයන්ට ගුවන්තොටුපොළේ දී හෝ රැඳී සිටින හෝටලයේ දී පීසීආර් පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මඟින් ආසාදිතයෙක් නොවන්නේ නම් ඔවුන් නිවෙස් කරා යොමු කළ හැකියි.

    එහිදී 12 වන දිනයේ දී නැවත වරක් සිදුකරන පීසීආර් පරීක්ෂණයකින් ද ආසාදිත නොවන්නේ නම් ඔවුන්ට සමාජගත වීමේ හැකියාව පවතින බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සඳහන් කර තිබේ.

    නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා ලද හෝටලයක දී දින 14ක් නිරෝධායනය වී ඔවුන්ට සමාජගත විය හැකිය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    2021.09

    b

    Last modified on බදාදා, 29 සැප්තැම්බර් 2021 12:15

    Latest News