ආහාර අපතේ යාම අවම කිරීම දැනුම්වත් කිරීමේ ජාත්‍යන්තර දිනය හෙට (29)

සැප් 28, 2021

    එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2019 වසරේ 74 වැනි සමුළුවේ දී සම්මත කර ගත් පරිදි සෑම වසරකම සැප්තැම්බර් මස 29 වැනි දිනය ආහාර අපතේ යාම සහ ආහාර අපද්‍රව්‍ය අවම කිරීම පිළිබඳව දැනුම්වත් කිරීමේ ජාත්‍යන්තර දිනය වශයෙන් නම් කරනු ලැබ තිබේ.

    තිරසර ආහාර නිෂ්පාදනය, පරිභෝජනය හා ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය තහවුරු කිරීම යන කරුණු අවධාරණය කරමින් මෙම දිනය සමරනු ලබයි. වර්තමානයේ ලෝක ජනගහනයෙන් 9.9%ක් ආහාර හිඟකමෙන් පෙළෙති.

    ඒ අතරම ආහාර අපතේ හැරීම ද ලොව පුරා රටවල කැපී පෙනෙන තත්ත්වයකි. මෙම තත්ත්වය 'කොවිඩ් 19' වසංගත තත්ත්වය නිසා තවත් බැරූරුම් තත්ත්වයට පත්ව තිබේ.

    මෙම කරුණු සැළකිල්ලට ගනිමින් පරිසර අමාත්‍යාංශය විසින් හෙට දිනට යෙදී තිබෙන ආහාර අපතේ යාම සහ ආහාර අපද්‍රව්‍ය අවම කිරීම පිළිබඳව දැනුම්වත් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා වැඩසටහනක් සංවිධානය කර තිබේ.

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීර,අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහිදී ආචාර්ය උදයකාන්ත සබාරත්න මහතා විසින් ආහාර අපතේ යාම පිළීබඳ විශේෂ දේශනයක් පවත්වනු ලබයි.

    Latest News