අවුරුදු 12-19 අතර විශේෂ අවශ්‍යතා, නිදන්ගත රෝග සහ සංකූලතා සහිත දරුවන්ට එන්නත් ලබාදීම තවදුරටත්...(වීඩියෝ)

සැප් 27, 2021
  • වයස අවුරුදු 12ත්, 19ත් අතර විශේෂ අවශ්‍යතා, නිදන්ගත රෝග සහ සංකූලතා සහිත දරුවන් සඳහා එන්නත් ලබාදීම බස්නාහිර පළාතම ආවරණය කරමින් අද සිට ක්‍රියාත්මක බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    මෙම වැඩසටහන කොළඹ, කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල මේ වනවිට ක්‍රියාත්මක වේ. මෙම දරුවන්ට ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඇතුළු ස්ථාන රැසකදී එන්නත ලබාගත හැකියි. ඊ-චැනලින් වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වීම මගින් ද ජයවර්ධනපුර රෝහලේදී එන්නත ලබාගත හැකියි.

    Last modified on සදුදා, 27 සැප්තැම්බර් 2021 20:20

    Latest News