අ.පො.ස. (සා.පෙ) ප්‍රතිඵල අද (23) රාත්‍රී නිකුත් කෙරේ....

සැප් 23, 2021

    2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (23) රාත්‍රී නිකුත් කරන බව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    මෙවර පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් හය ලක්‍ෂ විසි දෙදහස් තුන්සිය පනස් දෙදෙනෙකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ www.doenets.lk සහ www.results.exams.gov.lk යන නිල වෙබ් අඩවි වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

    Latest News