එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව එක්කෝටි දස ලක්‍ෂ 93,465ක් දක්වා ඉහළට...(වීඩියෝ)

සැප් 20, 2021
  • කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව එක්කෝටි දස ලක්‍ෂ 93,465ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    මේ අතර, තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම මෙරටට රැගෙන එනු ලැබීය. අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 73,710ක් ඊට ඇතුලත්. දෝහා කටාර් සිට QR-668 දරණ ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට රැගෙන ආ එම එන්නත් තොගය කොළඹ මධ්‍යම එන්නත් ගබඩාවට යොමු කෙරිණ.

    Last modified on සදුදා, 20 සැප්තැම්බර් 2021 20:27

    Latest News