ඉපනැල්ලේ මුං වගාව නමින්, අතුරු බෝග වගාවක්...(වීඩියෝ)

සැප් 20, 2021
  • ඉපනැල්ලේ මුං වගාව නමින් අතුරු බෝග වගාවක් හඳුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ.

    එමගින් කාබනික පොහොර අවශෝෂණයට අවශ්‍ය නයිට්‍රජන් යම් ප්‍රමාණයක් ලැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඇලහැර ගොවි ජනපදයේ කුඹුරු ආශ්‍රිතව මුං වගාව මේ වනවිට ක්‍රියාත්මක වේ. එම වගා බිම් අස්වැද්දා ඇත්තේ ද, කාබනික පොහොර භාවිතයෙන්. ඉපනැල්ලේ වගා කෙරෙන මුං පැල මගින් දින 45කදී අස්වැන්න නෙලාගත හැකියි. මෙම ක්‍රමය සාර්ථක අස්වැන්නකට සහ අමතර ආදායමකට ද හේතුවක් බව ගොවීන් පවසයි.

    Last modified on සදුදා, 20 සැප්තැම්බර් 2021 19:15

    Latest News