නාච්චාදූවට කෙසෙල් ගම්මානයක්...

සැප් 20, 2021

    අනුරාධපුර, නාච්චාදූව කෙසෙල් ගම්මානය ඊයේ අරම්භ කෙරුණා.

    "සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන" යටතේ ගම්මානය පිහිටුවා තිබේ. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගෘහාශ්‍රිත නිෂ්පාදන දිරිගැන්වීම, නිෂ්පාදන ගම්මාන වැඩසටහනේ අරමුණයි. ඒ අනුව, ආරම්භ කළ නාච්චාදූව කෙසෙල් ගම්මානයේ පවුල් 100 ක් සඳහා රුපියල් කෝටියක මුදලක් ලබාදීමට නියමිතයි.

    ජලය සැපයීමට අවශ්‍ය වගා ළිං ද මේ යටතේ ඉදිකෙරෙන අතර, කෙසෙල් පැළ, වතුර මෝටර් සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය නොමිලයේ පිරිනැමෙනවා. සමෘද්ධිලාභී නොවන පවුල් ඒකක ඊට තෝරාගෙන ඇත. සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන 500 ක් මේ වසරේ පිහිටුවීමට නියමිත අතර, ඉන් ජාතික ආර්ථිකයට එකතු කිරීමට බලාපොරොත්තු වන මුද රුපියල් කෝටි 150 ක්.

    Last modified on සදුදා, 20 සැප්තැම්බර් 2021 18:07

    Latest News