තිස්සමහාරාම අනතුරකින් 02 ක් මරුට...

සැප් 19, 2021

    තිස්සමහාරාම, මුතියම්මාගම ප්‍රදේශයේ ඊයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

    අනතුර සිදුවී ඇත්තේ, ත්‍රීරෝද රථයක් සහ ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්. ට්‍රක් රථයේ රියදුරා බීමතින් සිටි බවට ප්‍රදේශවාසීන් චෝදනා කළ ද, දෙබරවැව රෝහලේදී කළ පරීක්ෂණවලදී ඔහු බීමතින් නොසිටි බව, හෙළි වී තිබෙනවා.

    එසේ වුවද, ප්‍රදේශවාසීන් තිස්සමහාරාම පොලිසිය සහ දෙබරවැව රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා. විරෝධතාකරුවන් කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් විශේෂ කාර්ය බලකාය කැඳවීමට සිදුවුණා. රියදුරා බීමත්ව ඇත් දැයි සොයා ගැනීමට ලේ සාම්පල් පරික්ෂා කිරීම සඳහා හම්බන්තොට රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

    Latest News