මාස එකහමාරකට පසු කොවිඩ් රෝගීන්ගේ අඩුවීමක්....(වීඩියෝ)

සැප් 19, 2021
  • මාස එකහමාරකට පමණ පසු මෙරටින් වාර්තාවන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දෙදහසට වඩා අඩු අගයක් ගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    ඊයේ මෙරටින් හඳුනා ගැනුණු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,986ක්. දැනට ප්‍රතිකාර ලබන පිරිස 59,700ක් වන අතර, 1,260 දෙනෙකු ඊයේ පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව, පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව හාර ලක්‍ෂ 31,036ක් වේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉකුත් 17 වැනිදා සිදුවූ කොවිඩ් මරණ 84ක් ඊයේ තහවුරු කළේය. ඒ අනුව, මරණ සියයට අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද මාස එකහමාරකට පමණ පසුවයි.

    Last modified on ඉරිදා, 19 සැප්තැම්බර් 2021 13:41

    Latest News