ජනගහනයෙන් 50%ක් එන්නත්කර අවසන්...ඇමති චන්න ජයසුමන

සැප් 18, 2021

    මෙරට මුළු ජනගහනයෙන් අඩකට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව  24,689,082 ක්. 13,720,887 දෙනෙකුට පළමු මාත්‍රාව ලබාදී ඇති අතර, මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව  10,968,195 ක්. 

     එන්නත්කරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රොසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 1,000 දෙනෙකුට සහ  දෙවැනි මාත්‍රාව 38,637 දෙනෙකුට ලබා දී තිබේ.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 26,909 දෙනෙකුට  ද දෙවැනි මාත්‍රාව 44,365 දෙනෙකුට ද ඊයේ ලබාදී තිබේ. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 1,388 දෙනෙකු  ලබාගෙන ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබාදුන් පිරිස 1,083 ක්.

    මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 181 දෙනෙකුට සහ දෙවැනි මාත්‍රාව 345 දෙනෙකුට ලබාදී තිබේ. ඉකුත් දින 7 දී එන්නත් මාත්‍රා 889,560 මෙරට  ජනතාවට ලබාදී ඇති බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ.

    ඊයේ ලබාදී ඇති මුලු එන්නත් මාත්‍රා ප්‍රමාණය 113,908 ක්.

    Last modified on සෙනසුරාදා, 18 සැප්තැම්බර් 2021 12:35

    Latest News