ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 157 වැනි ජන්ම දිනය සැමරේ...(වීඩියෝ)

සැප් 17, 2021
  • ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 157 වැනි ජන්ම දින සැමරුම අදට (17) යෙදී තිබේ.

    මෙරට නිදහස් සටනේ පුරෝගාමියෙකු වන එතුමන් සිංහල ජාතිය සඳහා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකළ අයෙකු ලෙස සැලකේ. 1864 සැප්තැම්බර් මස 17 වැනි දින දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපද, පසු කලෙක එතුමා ධර්මපාල ලෙස සිය නාමය වෙනස්කර ගත්තේය. විදේශිකයන්ගෙන් හා මිෂනාරින්ගෙන් රටට, ජාතියට, ආගමට වූ බලපෑම්වලට එරෙහිව ධර්මපාලතුමා මහා සංඝරත්නය හා ජනතාව සමඟ එක්ව ක්‍රියා කළේය.

    මත්ද්‍රව්‍ය භාවිතය හා ගව ඝාතනයට එරෙහිවූ එතුමාගේ දර්ශනය ලොව පුරා ප්‍රචලිත විය. අමෙරිකානු ජාතික හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා වැනි විදේශියයන්ගේ සහාය ද ධර්මපාලතුමාට ලබාගැනීමට හැකිවිය.

    1891 දී කොළඹ මහා බෝධි සංගමය ආරම්භ කළ එතුමා බෞද්ධ පාසල් පිහිටුවීමට මූලික විය. ඉන්දියාවේ බුද්ධගයාව යළි බෞද්ධයන්ට හිමිවූයේ ද එතුමාගේ සුවිශේෂ මෙහෙවරක ප්‍රතිඵලයක් ලෙසයි. 1931 වසරේදී සිරි දේවමිත්ත ධර්මපාල නමින් ඉන්දියාවේ මූලගන්ධකුටි විහාරයේ දී පැවිදි දිවියට ඇතුළු වූ එතුමා 78 වැනි වියේදී අපවත් විය.

    Last modified on සිකුරාදා, 17 සැප්තැම්බර් 2021 21:06

    Latest News