ගබඩා තුළ සඟවා තිබූ වී තොග, වී අලෙවි මණ්ඩලයට...(වීඩියෝ)

සැප් 16, 2021
  • අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් ඉකුත් දිනවල තම බාරයට ගනු ලැබූ වී තොග, රජයේ වී අලෙවි මණ්ඩල වෙත ඊයේ බාරදෙනු ලැබීය.

    නිසි අවසරයකින් තොරව ගබඩා තුළ සඟවා තිබියදී එම වී තොග අධිකාරිය යටතට පවරා ගැණින. ප්‍රමාණය වී කිලෝ දෙලක්‍ෂ පනස් දහසක්. අනුරාධපුර, පරසන්ගස්වැව, බණ්ඩුකාභයපුර ප්‍රදේශවලදී මේ වී තොග සොයා ගැණින. ඊයේ දිනයේදීම වී තොග, වී අලෙවි මණ්ඩල වෙත රැගෙන යනු ලැබීය. නාඩු, සම්බා හා කීරි සම්බා, කැකුළු ඇතුළු වී තොග සහතික මිල ගණන් යටතේ රජය මිලදී ගෙන තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 සැප්තැම්බර් 2021 20:42

    Latest News