මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට පහර දුන් හිමිනම, අග්‍රාමාත්‍ය උපදේශකයෙකු නොවේ...

සැප් 16, 2021

    මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පහර දුන් බව කියන පූජ්‍ය පල්ලබැද්දේ නන්දරතන හිමියන්ට අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.  

    කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට පහර දෙමින්, කලහකාරි ලෙස හැසිරුනු බවට පූජ්‍ය නන්දරතන හිමියන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

    උන්වහන්සේ අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් දරණ බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බවයි, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ. උන්වහන්සේට වර්තමානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදේශක හෝ වෙනත් කිසිදු තනතුරක් නොමැති බව, නිවේදනයේ දැක්වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

    Latest News