කඩිනමින් පාසල් ආරම්භ කිරීමට රජයේ අවධානය

සැප් 15, 2021

    සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ අද (15) පැවති සාකච්ඡාවකදී අවධානය යොමු වී තිබේ.

    ඒ අනූව පාසල් ආරම්භ කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීතිරීති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කිරීමටත් මෙහිදී තීරණය විය.

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ජාව පැවැත්විණ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ද සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් පිරිසක් ද වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් ද මේ සඳහා සහභාගී විය.

    මෙරට පාසල් පද්ධතියේ ළමුන් 200ට අඩු පාසල් 5,000ක් පමණ වන අතර එම පාසල් මේ අනූව කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනූව පෙර පාසල් ද 6 ශ්‍රේණිය දක්වා වූ පාසල් ද මූලිකව ආරම්භ කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

    Last modified on බදාදා, 15 සැප්තැම්බර් 2021 19:17

    Latest News