2021 - ජී 20" අන්තර් ජාතික සමුළුව අගමැති අද අමතයි...

සැප් 12, 2021

    "2021 - ජී 20" අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුව ඉතාලියේදී අද ආරම්භ වුණා.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය ආරම්භ කළා. මෙවර සමුළුව පැවැත්වෙන්නේ, යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොන්ඥා විශ්වවිද්‍යාලයේදී. කොවිඩ් වසංගතයත් සමග ගෝලීය වශයෙන් රටවල් අතර පැනනැගී ඇති අසමතුලිතතාව, රටවල් අතර සාමය ගොඩනැගීම කෙරෙහි සිදුව ඇති බලපෑම්, ගෝලීය වශයෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සිදුව ඇති බලපෑම් සහ දේශගුණික විපර්යාස ඇතුලු අංශ ගණනාවක් මෙවර සමුළුවේදී සාකච්ඡා කෙරේ.

    අද ආරම්භ වූ සමුළුව ලබන 14 වැනිදා දක්වා පැවැත්වේ. සමුළුවට සහභාගී වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය 10 වැනිදා ඉතාලිය බලා පිටත්ව ගිය අතර, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටිති. අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතයි.

    Latest News