කාබනික පොහොර භාවිතයෙන් වගාවන් කිරීමට ගොවීන්ගේ උනන්දුව ඉහළට...(වීඩියෝ)

සැප් 09, 2021
  • කාබනික පොහොර භාවිතයෙන් වගාවන් සිදු කිරීම සඳහා පවතින උනන්දුව ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

    කාබනික පොහොර ආශ්‍රිත වගාවෙන් ඉහළ අස්වැන්නක් ලැබෙන බව ගොවීන් පවසයි. කාබනික පොහොර පමණක් භාවිතයෙන් හාලි ඇළ කුරුකුදේගම ගම්මානයේ පදිංචි ශාන්ත කුමාර ගොවි මහතා සාර්ථක එළවළු වගාවක් සිදුකර තිබේ.

    ඔහු නිෂ්පාදනය කළ කාබනික පොහොර මීට යොදා ගැනීම විශේෂත්වයක්. වගාවේ බෝංචි, ගෝවා සහ බීට් රූට් වැනි එළවළු වර්ග තිබෙන අතර, කාබනික පොහොර යොදා ගනිමින් අර්තාපල් වගා කිරීමට ද ඔහු සූදානම් වේ. ගොඩකවෙල-මාදම්පේ මාළු සංකීර්ණයෙන් බැහැර කෙරෙන අපද්‍රව්‍ය උපයෝගී කර ගනිමින්,

    "ෆිෂ් ටොනික්" කාබනික දියර පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබ තිබේ. ඒ ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින්. මෙම මාළු වෙළෙඳ මධ්‍යස්ථානය දිනකට ඉවතලන මත්ස්‍ය අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ සියයක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2021 18:42

    Latest News