“මියගිය මවටත් දියණියටත් කෝවිඩ්, දින දෙකකට පෙර මියගිය පියා රහසේම භුමිදානය කරලා"

සැප් 08, 2021

    පුත්තලම, වෙප්පමඩුව ප්‍රදේශයේ එකම නිවසේ පදිංචිව සිටි මවක් හා දියණියක් කෝවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති අතර දින දෙකකට පෙර මරණයට පත්වූ පියාගේ සිරුර රහසේම මිහිදන් කිරීම සම්බන්ධව මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සිදුකළ පැමිණිල්ලකට අනූව පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි, පුත්තලම මුලස්ථාන පොලිසිය පවසන්නේ.

    පුත්තලම, වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ දේහය මිහිදන් කර තිබේ. මෙම කොරෝනා මරණ සිදුවු නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු 3ක දරුවෙකු ඇතුළු 6 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

    මෙසේ කෝවිඩ් ආසාදිතව මරණයට පත්ව ඇත්තේ 51 හැවිරිදි සිත්ති අජීබා හා ඇගේ දියණිය වන 37 හැවිරිදි ෆාතිමා සහානා නැමති එකම නිවසේ පදිංචි අයයි.

    මෙම පවුලේ ගෘහ මුලිකයා වු 56 හැවිරිදි මොහොමඩ් නිස්තාර් නැමති අය හදිසියේම පසුගිය 4 වැනිදා මරණයට පත්ව තිබේ.

    ඔහු ප්‍රතිකාර ලබා ගත් පුත්තලම ආයුර්වේද වෛද්‍යවරයාගේ උපදෙස් මත මෙසේ ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරිවරයා දැනුවත් කිරීමෙන් පසු වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ මිහිදන් කර ඇති බව සදහන්.

    මෙම තැනැත්තාගේ අවසන් කටයුතු කිසිදු නිරෝධායන නීතිරිති මත සිදුකර නැති බවත් මොහු මරණයට පත්ව දින දෙකකට පසු ( 6 ) එකවරම අසාධ්‍යව මරණයට පත්වු තැනැත්තාගේ දියණිය පුත්තලම මුලික රෝහලට ඇතුලත් කරන විටත් කෝවිඩ් ආසාධිත බව සනාථ විය. ඇය පැය කිපයකින් මරණයට පත්ව ඇත.

    දියණිය මරණයට පත්වි පැය කිපයක් යාමටත් පෙර 51 හැවිරිදි ඇගේ මවද නිවසේ ඇද වැටි සිහිසුන් නොමැතිව සිටියදි පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇත. ඒ වන විටත් ඇය මරණයට පත්ව තිබිණ.

    මෙම කාන්තාවට පුත්තලම මුලික රෝහලේදි සිදුකල ඇන්ටිජන් පරික්ෂණයෙන් පසුව සනාථ වි ඇත්තේ ඇය ද කෝවිඩ් ආසාධිතව සිට ඇති බවයි. මෙසේ කෝවිඩ් ආසාදිතව මරණයට පත්ව මව හා දියණියගේ සිරුරු මේ වන විට පුත්තලම මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.

    පුත්තලම මුලස්ථාන පොලිසිය හා පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසන්නේ මේ හේතුන් එසේ තිබියදී මෙම නිවසේ ගෘහ මූලිකයා වු 56 හැවිරිදි තැනැත්තාගේ සිරුර පොලිසිය හා සෞඛ්‍ය අංශ දැනුවත් නොකර භුමිදානය කිරීම බරපතල වරදක් බවයි.

    ඒ අනූව මේ සම්බන්ධව විමර්ශණයක් ආරම්භ කර ඇති බවත් එසේ අදාළ අංශ කිසිඳු ලෙසකින් දැනුවත් නොකරමින් භුමිදානය කිරීම සම්බන්ධව අධිකරණය කරුණු ඉදිරිපත් කර නැවත දේහය ගොඩ ගැනිමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇති බවත් එම නියෝගයෙන් පසු දේහය සම්බන්ධ ඉදිරි පරික්ෂණ අරඹන බවද පොලිසිය පවසයි.

    පුත්තලම මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.සුරේෂ් මහතා....

    “ අදාළ සිදුවිම බරපතල තත්වයක්. කෙසේ නමුත්, භුමිදානය කර ඇති දේහය සම්බන්ධව අධිකරණයෙන් ලබා දෙන නියෝගයෙන් පසුව දේහය නැවත දැඩි සෞඛ්‍ය ආරකෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් පොලිසිය හා එක්ව ගොඩගෙන එහි පශ්චාත් මරණය පරික්ෂණය සදහා යොමු කිරීමට කටයුතු කරනවා.

    අදාළ කොරෝනා මරණ සිදුවු නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු 3ක දරුවෙකු ඇතුළු 6 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර තියෙනවා.

    පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පී.කුමාරදාස මහතා පවසා සිටියේ, නිවසේදි මරණයට පත්වු ගෘහ මූලිකයාගේ සිරුර භුමිදානය කිරීමට සඳහා අවසර ලබා දුන් බව කියන මනතිව් ග්‍රාම නිළධාරිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

     

    වාර්තාකරු මිහිර විජේසේකර - පුත්තලම

    Latest News