කුඩු චූටි වෙඩි කයි

පෙබ 15, 2019

    කොටහේන පොලිස් වසමේ මැල්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබිමකින් තුවාල ලබා කාන්තාවක් රෝහල් ගත කෙරේ.

    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තැබීම සිදුකර ඇති බව පැවසේ. තුවාල ලබා ඇත්තේ මැල්වත්ත ප්‍රදේශයේ බෝධිරාජ මාවතේ නිවසක සිටි 39 හැවිරිදි කාන්තාවකි.

    ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ආශා ෆාරි වන ඇය හෙරෝයින් ජාවාරමේ නිරත තැනැත්තියක් වන අතර, කංජීපානි ඉම්රාන් තැමති සංවිධානාත්මක අපරාධකරුවෙකු ගේ අනියම් බිරිඳක බව පොලීසිය සඳහන් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොටහේන පොලීසිය විසින් සිදු කෙරේ.

    Last modified on සිකුරාදා, 15 පෙබරවාරි 2019 08:07

    Latest News