ශ්‍රී ලන්කන් නාස්තිය ටිල්වින් කියයි

පෙබ 14, 2019

    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

    ඒ, බලංගොඩ පැවති ජනහමුවකදී. එහිදී අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා....
    “කෝටි සියයේ ඒවා 108ක පාඩුවක් තියෙනවා ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකේ. ජනතාව ගිහින් තියෙන්නේ ටිකට් එක අරගෙන පාඩු වෙන්නේ කොහොමද? එතන තියෙනවා නාස්තියක්. ඒ බිලියන 108ක් නාස්ති කරද්දි මාසෙට ලක්‍ෂ 10ක් පඩිගන්න නිලධාරීන් ඉන්නවා. පසුගිය කාලේ මහින්ද මහත්තයාගේ කාලේ තීන්දු අරන් තියෙන්නේ ශ්‍රී ලන්කන් එක රැස්වෙලා තියෙන්නේ කතානායක නිල නිවසේ.

    කතානායක නිල නිවසේ ශ්‍රී ලන්කන් එකේ අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වෙන්න මොකක්ද තියෙන අයිතිය. ශ්‍රී ලන්කන් එකේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ හිටියා කතානායකවරයාගේ පුතා කතානායක නිලනිවසේ රැස්වෙලා තීන්දු අරගෙන තියෙනවා එයාර් බස් ගේන්න“. යැයි ටිල්වින් සිල්වා මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 පෙබරවාරි 2019 20:33

    Latest News