හෙරොයින් වැටලුමේදී පොලිස් නිලධාරියාට වෙඩි ප්‍රහාරයක්

පෙබ 14, 2019

    කඩවත නගරයේ හෙරොයින් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩි වැදී රාගම රෝහලට ඇතුලත් කර තිබේ.

    කඩවත පොලිසියට ලැබුණු තොරතුරක් මත කඩවත නගරයේ බෝගස ආසන්නයේ ත්‍රී රෝද රථයක හෙරොයින් තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

    සැකකරු, අත්අඩංගුවට ගෙන ත්‍රීරෝද රථය සමඟ පොලිසියට ගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේ, ප්‍රචණ්ඩකාරීව හැසිරීමෙන් පොලිස් නිලධාරියා අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී ඔහුගේ අතට වෙඩි වැඳුණු බවයි පොලිසිය පවසන්නේ.

    ඉහළ බියන්විල ප්‍රදේශයේ පදිංචි සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් පොලිස් බාරයට ගෙන ඇත. ත්‍රී රෝද රථයේ සිටි සැකකරුගේ මව, බිරිඳ හා දරුවා ද පොලිස් බාරයට ගෙන ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 පෙබරවාරි 2019 19:36

    Latest News