බූස්ස දෙදෙනා සෙවීම CIDයට

පෙබ 13, 2019

    බූස්ස, රත්නඋදාගම අතුරුදන්වූ පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.


    බූස්ස රත්නඋදාගම පදිංචි මංජුල අසේල කුමාර (33) සහ රසීන් චින්තක (31) ජනවාරි 23 වැනිදා සිට අතුරුදන්ව සිටී. රත්ගම පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කළ ද අතුරුදන්වූ දෙදෙනා මේ දක්වා සොයා ගැනිමට හැකිවී නොමැත.

    ඒ අනුව, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මොවුන් දෙදෙනා සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.

    Latest News