මෙරට දරුවන් 45,831කට කොවිඩ්19 වැලඳිලා

අගෝ 06, 2021

    මෙරට දරුවන් 45,831කට කොවිඩ් ආසාදනය වී ඇති අතර, ඉන් දරුවන් 14 දෙනකු මියගොස් ඇති බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (5) ප්‍රකාශ කළාය.

    වයස අවුරුදු 10ට අඩු කොවිඩ් ආසාදිත දරුවන් 19,688ක් වාර්තා වී ඇති අතර, වයස අවුරුදු 10ත් 18ත් අතර දරුවන් 26143 වාර්තා වී ඇති බවද ඇමැතිවරිය සඳහන් කළාය. ඒ අනුව කොවිඩ් ආසාදනය වී ඇති සමස්ත දරුවන් ගණන 45,831ක් වන අතර, ඉන් 14 දෙනකු මියගොස් ඇති බවද ඇමැතිවරිය අනාවරණය කළාය. ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ පසුගියදා මතු කරන ලද ප්‍රශ්නයකට ඊයේ (5) පිළිතුරු දෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ වයස අවුරුදු 18ට අඩු දරුවන්ට ෆයිසර් එන්නත දීමේ හැකියාව මේ වන විට අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ සම්බන්ධ අවසන් තීරණය දරුවන් සඳහා කොවිඩ් එන්නත්කරණය පිළිබඳ අනුමැතිය දීමේ විද්වත් කමිටුව (ACCD) විසින් දෙනු ඇති බවයි.

    Latest News