විදේශ රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු දැලේ

පෙබ 12, 2019

    කටාර්හි රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචාකළ අයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කටාර් රැකියා පොරොන්දුවට මුදල් ගෙන රැකියාවට ගොස් පොරොන්දු වූ රැකියාව නොලැබීමෙන් නැවත පැමිණි පිරිසක් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය මෙහෙයවා ඇත.

    සමන්තුරේ, නින්දවූර් ප්‍රදේශයේ 26 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සිය නිවසේ නිතිවිරෝධි රැකියා නියෝජිත ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි තිබී ගුවන් ගමන් බලපත්‍ර 12ක් හා වෙනත් ලිපි ලේඛන රාශියක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ගැනීන.

    රැකියා ලබාදෙන බව පවසමින් එක් අයෙකුගෙන් ඔහු ලබාගෙන ඇති මුදල රුපියල් 250,000 ක්. මීට පෙර පුද්ගලයින් 60 දෙනෙකු පමණ කටාර් රැකියා සදහා පිටත් කර ඇතත් එහි රැකියා නොමැතිවීමෙන් ඔවුන් නැවත දිවයිනට පැමිණ තිබේ.

    සැකකරු සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    Latest News