මදුෂ් සමඟ සිටි අපරාධකරුවන් ගැන අනාවරණයක්

පෙබ 12, 2019

    රටේ නීතිය ක්‍රියාත්මක කිරිමේ නිරත බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් අපරාධකරුවන් සමඟ ඩුබායි රටේ අත් අඩංගුවට පත්ව ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    ශ්‍රි ලංකාව 2014 වන විට මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය බවට පත් කර තිබු බව ඇය කියා සිටියේය. රත්නපුර කහවත්ත පනාවැන්න ප්‍රදේශයේ සාම විනිසුරුවරුන් වෙත පත්වීම් ප්‍රධානය කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේය.

    සාම විනිසුරු පත්වීම් 220 ක් පිරිනැමිණ. ඉංග්‍රීසි පාලන සමයේ 1804 පෙබරවාරි 04 වැනිදා ප්‍රථමයෙන් සාම විනිසුරු පත්වීම් ලබා දී තිබේ. එ අනුව 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය අනුව මෙම සාම විනිසුරු පත්වීම් ලබාදිම සිදුකෙරේ.

    අමාත්‍ය තලතා අතුකෝරළ - “ඔබ අලුතෙන් ලබන මේ තනතුරේ ඉතා උවමනාවෙන් වැඩ කරයි කියලා අපි හිතනවා. මේ පත්වීම් ලබන අය කටයුතු කරන හැටි පිළිබදව සමහර අවස්ථාවල අපිට සතුටු වෙන්න බැහැ. මේ ගෞරවණිය සේවය කරන්න අවස්ථාවක් දෙන කොට ඔබ සහතික කරන ලිය කියවිලි වල විශාල වලංගු භාවයක් තියෙනවා. ඒ වලංගු භාවය රදා පවතින්නේ මේ තනතුරේ ගරුත්වය ආරක්ෂා වෙන විදිහට වැඩ කළොත් විතරයි.

    නීති විරෝධී මත් ද්‍රව්‍ය ව්‍යාපාරවල යෙදුනු අයටත් මේ තනතුර ලබාදීලා තියෙනවා. අපි ඒවා නවත්වලා තියෙනවා .මේකේ අවශ්‍යතාවයට හොයලා බලන්නේ දේශපාලනය නොවෙයි. සමාජයේ හොදට ඉන්න අයයි මේවාට තෝරා ගන්නේ. දැන් සමථ මණ්ඩල සදහා පන්සලේ හාමුදුරුවෝ, විදුහල්පතිතුමා වැනි අය පත් කරන්නේ. දැන් සමථ මණ්ඩලවලට රුපියල් ලක්ෂ පහක් දක්වා වටිනාකමක් තියෙන ඒවා විසදන්න පුළුවන්.

    අපි ජාත්‍යන්තරයට ඔළුව නවන්න ඕන නැහැ. අපි හොද පෞඪ ඉතිහාසයක් තියෙන ජාතියක්. සමහර වෙලාවට මේ රටේ තියෙන නීති රීති ඔය දියුණුයි කියන රටවල් වල දැන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ හැම එකක්ම නැවතිලා තිබුණු යුගයක් තිබුණා. ඇත්තටම කියන්න කණගාටුයි. ඔය අපරාධකාරයෝ එක්ක බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරීන් අද ඩුබායි රටේදී අත් අඩංගුවට පත් වෙලා තියෙනවා. එතකොට මේ බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරීන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. අද ඒ තත්වයට පත් වෙලා තියෙනවා. අපි දවසින් දවස ඉස්සරහට ආව රටක් ආපහු පස්සට යන්න පටන් අරන් තියෙනවා.

     

     

     

     

     

     

     

     

     

     

    Latest News