මෙරට කොවිඩ් එන්නත්කරණ වාර්තාව අලුත් වෙයි

ජූලි 30, 2021

    කෝවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දිනයක් තුළ ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ ලබා දී තිබෙනවා.

    වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එන්නත් මාත්‍රා 515,830ක් ලබාදුන් බවයි. දිනයක් තුළ පන්ලක්ෂය ඉක්මවා එන්නත් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි.

    සයිනොෆාම් එන්නතේ පලමු මාත්‍රාව 418,494 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබා ගත් පිරිස 56738ක්. ෆයිසර් මාත්‍රාව 38,430 ට ලබා දී ඇති අතර මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබා ලබාගත් පිරිස 2168ක්.

    Latest News