එන්නත් මාත්‍රා අසූ දෙලක්‍ෂ 78,847ක් ලබා දී අවසන්

ජූලි 23, 2021

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ජනතාවට මේ දක්වා එන්නත් මාත්‍රා අසූ දෙලක්‍ෂ 78,847ක් ලබා දී තිබේ.

    එන්නත්කරණය දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මකයි. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 87,438කට ලබා දී තිබේ. එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිසට 13,255 දෙනෙකු ඇතුළත්. ෆයිසර් එන්නත ඊයේ 16,628කට ලබාදී ඇති අතර මොඩර්නා එන්නත ලබාගත් පිරිසට එක් ලක්‍ෂ 16,399ක් අයත්.

    ඉකුත් දින 7 තුළ එන්නත් මාත්‍රා 14 ලක්‍ෂ 85,199ක් ලබාදී තිබේ. ඊයේ ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව දෙලක්‍ෂ 33,720ක්.

    Latest News