බදියුදීන් නිවසේ දැරියගේ මරණය ගැන තවත් 3ක් අත්අඩංගුවට

ජූලි 23, 2021

    රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය එම නිවසට රැගෙන ගිය තැරැව්කරු ද අද අලුයම පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළේ දැනට සිදුකරන ලද පර්යේෂණවල ප්‍රකාශ සැලකිල්ලට ගනිමින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. මේ අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදුණු 22 හැවිරිදි තරුණියක දුෂණය කිරීමේ චෝදනා මත මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සොහොයුරා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    එම් අතර මියගිය දැරිය වෙනුවෙන් සාධාරණය ඉටුකර වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා දෙහිඕවිට ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට ඊයේ උද්ඝෝෂණයක් ද පැවැත්වුණා. ප්‍රදේශයේ වතු ආශ්‍රිතව ජනතාව මීට එක්ව සිටියා.

    Latest News