සයිනොෆාම් එන්නත ලබාදිම අද විහාරමහාදේවී උද්‍යානයේ දී

ජූලි 15, 2021

    අද (15) දිනයේ සිට බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි ජනතාව සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ දී සිදුකෙරේ.

    යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් විසින් මෙම එන්නත් ලබාදීම සිදුකෙරේ.බස්නාහිර පළාතේ පදිංචි අවුරුදු 30ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට මෙම මධ්‍යස්ථානයෙන් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

    බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට ජාතික හැඳුනුම්පත, විදුලි බිල්පතක්, දුරකථන බිල්පතක් හෝ ඡන්ද නාමලේඛණයේ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද පිටපතක් රැගෙන ඒම තුළින් මෙම ස්ථානයෙන් එන්නත්කරණ කටයුතු සිදුකරගැනීමේ හැකියාව පවතියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 ජූලි 2021 12:50

    Latest News