අනවසර විදුලිය ලබාගත් 2522 දෙනෙකු නීතියේ රැහැනට

පෙබ 10, 2019

    ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය පසුගිය වසරේ දීප ව්‍යාප්තව සිදු කළ වැටලීම්වලින් අනවසරයෙන් විදුලිය ලබාගත් 2522 දෙනෙකු නීතියේ රැහැනට හසුකර ගෙන තිබේ.

    ඔවුන්ගෙන් අයකරගත් ආදායම රුපියල් මිලියන 130 ඉක්මවන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ඉන් මිලියන 120කට අධික මුදලක් ලංවීම අලාභය ලෙසත්, මිලියන 10කට අධික මුදලක් උසාවි ගාස්තු වශයෙනුත් අයකරගෙන තිබේ.

    මීටර් වෙනස්කර විදුලිය ලබාගැනීමේ සිද්ධීන් 2269ක් සොයා ගෙන ඇත. කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීම් 253ක් ඒ අතරවේ. ලංකා විදුලිබල මණ්ඩලයේ විමර්ශන අංශයේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කර නීතිමය කටයුතු සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට නිරන්තරයෙන් කැපවන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    වංචනික විදුලි පරිහරණයක් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දුරකතන අංක 011-2422259 අංකයට දැනුම් දිය හැක. ඊට අමතරව 1901 සහ 1987 ක්‍ෂණික දුරකතන සේවා ද ක්‍රියාත්මක වේ.

    Latest News