නදීමාල් මුදා හැරේ (වීඩියෝ)

පෙබ 10, 2019

    ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හා පොලිස් පරීක්‍ෂණ ඉදිරියට ගෙන යාමට එරට අධිකරණය අද අවසර දී තිබේ.

    ඒ ඩුබායි පොලිසි කළ ඉල්ලීමට අනුව. අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනෙකුගේ රුධිර සාම්පලවල මත්ද්‍රව්‍ය අන්තර්ගත බව, පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ.

    ඒ බව, අද අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කෙරිණ. එම පිරිස තවදුරටත් රඳවා ගැනීමට නියෝග නිකුත් කෙරුණේ ඉන් පසුව. මාකඳුරේ මධූෂ්ට අමතරව කංචිපාන ඉම්රාන් හා කෙසෙල්වත්තේ දිනුක යන අපරාධ කල්ලි සාමාජිකයන් ද රඳවාගනු ලැබූ පිරිස අතර වේ.

    මත්ද්‍රව්‍ය ශරීරගත වී නොමැති 8 දෙනෙකු මුදා හැරීමට පොලිසිය පියවර ගත්තේය. ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා ද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ. සැකකරුවන් ඉදිරි දිනකදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව, නිල නොවන වාර්තා සඳහන් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 11:09

    Latest News