අංගම්පොර සටන් කලාවට පනවා ඇති තහනම ඉවත් කරනවා; අමාත්‍ය නාමල්

ජූනි 25, 2021

    දේශීය අංගම්පොර සටන් කලාව සඳහා යටත් විජිත යුගයේ සිට පනවා ඇති තහනම ගැසට් පත්‍රයකින් ඉවත් කරන බව, අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

    එය ජාතික ක්‍රීඩාවක් ලෙස, දේශීයව හා ජාත්‍යන්තරව ප්‍රචලිත කරන බව, ඔහු පවසයි. කොරතොට අංගම් සටන් පාසලේ පසුගියදා නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙවැනි දේශීය සටන් ක්‍රම හා ජන ක්‍රීඩා ජාතික මට්ටමින් පුහුණු කිරීමට මධ්‍යස්ථානයක් හා එම දැනුම සංරක්‍ෂණයට කෞතුකාගාරයක් ඇරඹීමට අපේක්‍ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News