අ.ඩොලර් මිලියන 34ක සංචාරක ආයෝජන, අනුමැතියට..

ජූනි 21, 2021

    මෙරට කොවිඩ් තුන්වැනි රැල්ල අතරතුරද අමෙරිකානු ඩොලර් මිලියන 34ක සංචාරක අයෝජන, අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, අප්‍රේල් මාසයේ සිට ජුනි 15 දක්වා නව සංචාරක ව්‍යාපෘති 7ක් සඳහා යෝජනා ඉදිරිපත්ව ඇති බවයි.

    එම සංචාරක ආයෝජනවලට අනුමැතිය ලබාදීමට අදාළ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතියි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනූව, මෙරට සංචාරක ක්ෂේත්‍රයට අදාළව නව ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබේ.

    සංචාරකයින් ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ශනය වන ස්වභාවික සෞන්දර්යට අමතරව සංචාරක ප්‍රවර්ධනය අරමුණු කර ගත් නව ක්ෂේත්‍ර රැසක් හඳුනා ගෙන ඇතැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියි.

    Latest News