නිරෝධායන රීති නොතැකූ 1,390ක් අත්අඩංගුවට

ජූනි 18, 2021

    අද (18) උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,390 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 38,311ක් දක්වා ඉහළ ගොස් ඇත.

    ඊයේ (17) දිනයේ අත්අඩංගුවට ගත් පිරිසෙන් වැඩි පිරිසක් කුලියාපිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සංඛ්‍යාව 192 කි.

    එමෙන්ම මාතලේ ප්‍රදේශයෙන් 133ක් හා මහනුවරින් 121ක් අත්අඩංගුවට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

    Latest News