අමාත්‍ය ගම්මන්පිලට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්

ජූනි 16, 2021

    අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.

    ඒ, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව, ඉන්ධන මිල ඉහළ දැමීමට ක්‍රියා කළ බව පවසමින්. විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබීම විපක්‍ෂ නායක කාර්යාලයේදී අද උදේ සිදු කෙරිණ.

    පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ලක්‍ෂමන් කිරිඇල්ල, තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එම අවස්ථාවට එක්වූහ

    Latest News