ග්‍රෙග්ලි වතුයායේ මත්පැන් පෙරූ තිදෙනෙක් අල්ලයි

ජූනි 16, 2021

    හැටන් දිඹුල පතන ග්‍රෙග්ලි වතු යායේ වතු නිවාස පේලියක අනවසරෙන් මත්පැන් පෙරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පවසයි.

    වතු නිවාස දෙකක ගෘහස්ථ උපකරණ උපයෝගි කර ගනිමින් ඉතා සුක්ෂම ලෙස නීති විරෝධි ලෙස මත්පැන් පෙරා වතු කම්කරුවන්ට අධික මිලට අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනිණ.

    ඔවුන් සතුව තිබි ගොඩා මිලිලිටර් 15000ක් සහ පෙරා තිබු ස්ප්රිතතු මිලිලිටර් 4500ක් සහ නීති විරෝධි ලෙස මත්පැන් පෙරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් තම භාරයට ගත් බවයි, හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැර ඇති අතර ඔහුන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගන්නා බවයි, හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.

    Last modified on බදාදා, 16 ජූනි 2021 10:18

    Latest News