පාර්ලිමේන්තුව අද රැස්වෙයි

ජූනි 08, 2021

    පාර්ලිමේන්තුව අද (08) උදෑසන 10.00ට රැස්වීමට නියමිතයි. ඒ අනූව උදෑසන 10.00 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙනු ඇති.

    රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම සතියේදී එක් දිනක් පමණක් පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමටයි ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කෙරුණේ.

    පෙරවරු 10.00 සිට මධ්‍යහන 12.00 දක්වා මූල්‍ය කළමණාකරණ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ විසර්ජන පනතේ 8 වන වගන්තිය යටතේ යෝජනා හා ආනයන අපනයන රෙගුලාසි විවාදයට ගැනේ.

    එමෙන්ම අද මධ්‍යහ්න 12.00 සිට පස්වරු 4.00 දක්වා විපක්‍ෂය විසින් ගෙන එනු ලබන, රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබද සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

    අද දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සදහා කාලය වෙන් නොකෙරෙන අතර දිවා ආහාරය සදහා සභාව කල් තැබීමක්ද සිදු නොවනු ඇති.

    සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු සිදුකෙරෙන වන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සදහන් කළේ.

    Latest News