උඩුවේ හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව මාර්තු 1

පෙබ 07, 2019

    බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ තීන්දුව මාර්තු 01 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ විභාගය පැවැත්විණ.

    අද දින නඩුව කැඳවූ අවස්ථාවේ දී රජයේ පාර්ශවයේ සහ විත්තියේ නීතිඥවරුන් විසින් නඩුවට අදාළ දේශන ඉදිරිපත් කිරීම් අවසන් කළේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා නඩු තීන්දුව මාර්තු 01 වැනිදා ප්‍රකාශ කරන බව දැනුම් දුන්නේය.

    මේ අතර උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ ඉල්ලීම් කරමින් තම සේවාදායක හිමියන්ට විදේශගතවීම සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නයි ඉල්ලීමක් කළේය.

    එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ මෙම අවස්ථාවේ නඩුවේ තීන්දුව සඳහා දින නියම වී ඇති බැවින් එම ඉල්ලීම ඉවත දමන බවයි.

     

    Latest News