“යාස්“ සුළි කුණාටුව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පහව යයි

මැයි 26, 2021

    ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති “යාස්“ සුළි කුණාටුව මේ වනවිට ඉන්දියාවේ උතුරු ඔඩිස්සා වෙරෙළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී තිබේ.

    එමගින් දිවයින සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි ඇති කරන බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දැනට පවතින නිරිත දිග මෝසම් කාලගුණික තත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ විටින් විට වැඩිවන සුළං සහිත කාලගුණික තත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

    පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති වන අතර, සුළං වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් ධීවර සහ නාවුක කටයුතුවල නිරත නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    Latest News