රටට නිරෝගී සුවය පතා රතන සහ ගිරිමානන්ද සූත්‍ර දේශනා කිරීම නාරහේන්පිට අභයාරාමයේදී....

මැයි 15, 2021

    රටට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් රතන සහ ගිරිමානන්ද සූත්‍ර දේශනා කිරීම නාරහේන්පිට අභයාරාමයේදී අද (15) ආරම්භ විය.

    දින 7ක් පිරිත් සජ්ජායනය පැවැත්වීමට නියමිතයි. බෙල්ලන්විල රාජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන, නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී යන ස්වාමීන් වහන්ගේ ප්‍රධානත්වයෙන් පිරිත් සජ්ජායනය ආරම්භ වූහ.

    අද සවස 6.00ට ආරම්භ වූ පිරිත් සජ්ජායනය ලබන 21 වැනිදා උදෑසන 6.00ට අවසන් කෙරේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙය පැවැත්වෙන බව, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසීය.

    බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්, දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News