නුවරඑලිය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩ අවසන්....

මැයි 15, 2021

    යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මඟ පෙන්විම යටතේ නුවරඑලිය දිස්ත්ත්‍රික්කයේ ඉදි කරන ලද ඇදන් 500 කින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇත.

    නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව නුවරඑලිය ශ්‍රී ලංකා 3 වන සිංහ රෙජිමේන්තුව විසින් මෙම අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩ කටයුතු සිදු කරමින් පවති. සියළුම පහසුකම්වලින් සමන්විත මෙම අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය උපකරණ ව්‍යාපාරික මහින්ද දොඩම්ප ගමගේ මහතා විසින් 3 වන සිංහ රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරි අසිත රණතිලක මහතා වෙත (15) දින භාරදෙන ලදි.

    ඇදන් 150 කින් සමන්විත මෙවැනිම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ ඉදි කර ඇත. නුවරඑලිය නගර සභා ශාලාවේ ඉදි කරන ලද අංග සම්පුර්ණ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදි කිරිම් කටයුතු අවසන් අදිරයේ පවතින අතර ලබන සතිය සිට එම ප්‍රතිකාර මධ්‍යස්ථානයට කොවිඩ් 19 රෝගින් ඇතුලත් කිරිමට නියමිතය.

    Last modified on සෙනසුරාදා, 15 මැයි 2021 16:13

    Latest News