මුළුතැන්ගෙටත් සීල්...ශ්‍රි පාද පීඨය උණුසුම්(ඡායාරූප)

පෙබ 06, 2019

    හැටන් පතන ශ්‍රි පාද අධ්‍යපන විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යසලාභි සිසුන් එම විද්‍යා පීඨය තුළ අද (06) පන්ති වර්ජනය කරමින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

    අද උදැසන සිට එම විද්‍යා පීඨයේ ප්‍රධාන ගේට්ටුව අභියසයි සිසුන් විරෝධතාවයේ නියැලී සිටී. එම විද්‍යා පීඨයේ රෙජිස්ටාර්වරයා ස්ථාන මාරු කරන ලෙස බල කරමින් මෙම ගුරු අභ්‍යාසලාභි සිසුන් විරෝධතාවය දක්වනු ලබන්නේ.එම විද්‍යා පීඨයේ මුළුතැන්ගෙය අපිරිසිදුව පවත්වාගෙන යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම මුළුතැන්ගෙය තාවකාලිකව ඊයේ (05) සිට වසා දැමීම නිසා තමන්ට ආහාර පාන නිසි වේලාවට නොලැබෙන බව උද්ඝෝෂකයින් පවසයි. මෙවැනි තත්ත්වයත් මත සිටිය දී ඊයේ රාත්‍රියේ රෙජිස්ටාර්වරයා ඇතුළු එම විද්‍යා පිඨයේ අනධ්‍යන කාර්යය මණ්ඩලයේ පිරිසක විද්‍යාපීඨය තුළ මත්පැන් සාදයක් ද පැවැත් වූ බවයි විරෝධතාවය දක්වන විද්‍යාපීඨයේ අභ්‍යාසලාභි සිසුන් කියා සිටින්නේ.

    රෙජිස්ටාර්වරයා සහ අනධ්‍යන කාර්යය මණ්ඩලයේ නිලධාරින් පිරිසක් සහ ගුරු අභ්‍යාස ලාභි සිසුන් අතර ඊයේ රාත්‍රියේ විද්‍යාපීඨය තුළ ඇති වු නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිමට දිඹුල පොලිසියේ නිලධාරින්ට සිදු විය.

    එම විද්‍යා පිඨයේ අනධ්‍යන කාර්යය මාණ්ඩලයේ නිලධාරින්ගේ ආරක්ෂාව උදෙසා රෙජිස්ටාර්වරයා සහ තවත් නිලධාරින් කිහිප දෙනෙකු අද අලුයම තෙක්  දිඹුල පොලිසියේ රඳවා තබා ගැනිමට ද පොලිස් නිලධාරින්ට සිදු විය. එම විද්‍යාපිඨයේ පිඨාධිපතිනි රමණි අඹේනායක අප කල විමසුමකට ඇය කියා සිටියේ තම ආයතනයේ උසස් නිලධාරින්ගේ අනුමැතියක් නොමැතිව මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.

     

    Last modified on බදාදා, 06 පෙබරවාරි 2019 16:02

    Latest News