අගමැතිතුමා, මාලදිවයින් හිටපු ජනපතිගේ සුවදුක් විමසයි

මැයි 11, 2021

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් මහතාගේ සුවදුක් අද විමසා සිටියේය.

    ඒ, ඔහුගේ පියා වන අබ්දුල් සතාර් මහතාට දුරකතන ඇමතුමක් ලබාදෙමින්. පසුගියදා බෝම්බ ප්‍රහාරයකට ලක්වූ නෂීඩ් මහතා මේ වනවිට මාලදිවයිනේ රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබයි.

    නෂීඩ් මහතා බෝම්බ ප්‍රහාරයට ලක්වූණේ සිය නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයට ගමන් කරමින් සිටියදී. බරපතල තුවාල ලැබූ ඔහුට පැය 16ක සැත්කමක් සිදු කෙරිණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඔහුගේ පියාට පැවසුවේ නෂීඩ් මහතා සුවපත් කිරීමට කළ හැකි කිසියම් උපකාරයක් වෙතොත් ඒ බව තමන්ට දන්වන ලෙසයි.

    මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපති ධූරය දැරූ සමයේ මාලදිවයිනේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ මොහොමඩ් නෂීඩ් මහතායි. ඒ මහතා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීමට කැපවී ක්‍රියා කළ රාජ්‍ය නායකයෙක් ලෙස සැලකේ.

    Latest News