රසායනික පොහොර, කෘමිනාශක සහ වල් නාශක ආනයනය තහනමට ජනපතිගේ තීරණය රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක්; වියත්මඟ

මැයි 04, 2021

    රසායනික පොහොර, කෘමිනාශක සහ වල් නාශක ආනයනය තහනම් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් බව, වියත්මඟ සාමාජිකයන් පවසයි.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් පළ කෙරිණ. බණ්ඩාරවෙල, පල්ලේවෙල ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයක් නිරීක්‍ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ඊයේ එම ස්ථානයට පැමිණියේය.

    ඔහු කියා සිටියේ රසායනික පොහොර භාවිතය අතහැර, කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහන වෙනුවෙන් මෙවැනි ස්ථාන තවත් බිහිකළ යුතු බවයි. ඊට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    Latest News