ඉන්දියාවේ කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෛද්‍ය සිසුන්.....

මැයි 04, 2021

    ඉන්දියාවේ කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෛද්‍ය සිසුන් ද අනුයුක්ත කිරීමට එරට රජය තීරණය කර තිබේ.

    වෛද්‍ය සහ හෙද සිසුන් සඳහා වූ විභාග කල් දමා ඔවුන් රෝහල්වලට යෙදවීමට පියවර ගෙන ඇත්තේ, පවතින උග්‍ර වසංගත තත්වය හමුවේ ඉන්දියාවේ සෞඛ්‍ය සේවක හිඟයක් ද මතුව ඇති නිසයි. ලොව වැඩිම කොරෝනා දෛනික ආසාදිතයන් වාර්තා වන එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද කෝටි 2 ඉක්මවා ගියේය.

    Latest News