වැරැල්ලවත්ත පොලිටෙක්ස් ගාර්මන්ට්ස් කර්මාන්ත ශාලාව කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක්.....

මැයි 03, 2021

    වසා දමා ඇති ගම්පහ වැරැල්ලවත්ත පොලිටෙක්ස් ගාර්මන්ට්ස් කර්මාන්ත ශාලාව කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරීම අද ආරම්භ කෙරිණ.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහ බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ ඉල්ලීමකට අනුව මෙය ඉදි කෙරේ. රුපියල් මිලියන 10ක් ඊට යෙදවීමට නියමිතයි. නාවික හමුදාවේ සහයෙන් ඉදිකිරීම් ක්‍රියාත්මකයි.

    ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට තරුණ සංවිධාන නියෝජිතයින්ගේ ශ්‍රම දායකත්වය ලබාදීමට අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා එකඟ වී තිබේ. ඇදන් 2,000ක්, ඔක්සිජන් හදිසි ප්‍රතිකාර ආදි පහසුකම් ඊට එක් කිරීමට නියමිතයි. ප්‍රතිකාර මධ්‍යස්ථානයට වෛද්‍යවරුන් 40ක්, හෙදියන් 50ක්, සුළු සේවකයින් 55ක් අනුයුක්ත කිරීමට නියමිතයි.

    Last modified on සදුදා, 03 මැයි 2021 20:21

    Latest News