ඇස්ට්‍රාසෙනෙකා එන්නත; දෙවැනි මාත්‍රාව 94,436කට ලබාදී අවසන්

මැයි 03, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව මේ වනවිට 94,436කට ලබාදී තිබේ.

    එන්නත්කරණ කටයුතු අදත් ක්‍රියාත්මක කෙරිණ. කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා එන්නත් ලබාදීම අද ආරම්භ කෙරිණ. 2,000කට පමණ එන්නත් ලබාදීමට නියමිතයි.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම ජාතික අක්‍ෂි රෝහලේ දී අද සිදු කෙරිණ. එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමේ තවත් වැඩසටහනක් කොස්ගම ශාලාව රජයේ රෝහලේ පිහිටි කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී ක්‍රියාත්මක කෙරිණ.

    Latest News