රුපියල් දහසේ සහන මල්ල ලංකා සතොස සෑම ශාඛාවකින්ම

මැයි 02, 2021

    රුපියල් දහසේ සහන මල්ල අද සිට ලංකා සතොස සෑම ශාඛාවකින්ම මිලදී ගත හැකි බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

    කොරෝනා වසංගතය හමුවේ පාරිභෝගික ජනතාව සහන මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම මෙහි අරමුණයි. සම්බා සහල් කිලෝවක්, නාඩු සහල් කිලෝවක්, තිරිඟු පිටි කිලෝවක්, රතු පරිප්පු කිලෝවක්, තායි වියළි හාල්මැස්සන් ග්‍රෑම් 200ක්, සුදු සීනි කිලෝවක්, තේ කොළ ග්‍රෑම් 100ක්, සෝයා ග්‍රෑම් 50ක්, කෑලි මිරිස් ග්‍රෑම් 100ක පැකට්ටුවක් සහ දෑත් සෝදන දියර මිලිලීටර 50ක බෝතලයක් සහන මල්ලට ඇතුලත්.

    Latest News